hit counter

2025 ඔක්‍තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:20



පසුගිය වසරේ මැතිවරණ ආසන්නයේදී ලංකා සතොසේ සේවකයින් 850ක් ගැටලු සහගත අන්දමන් ස්ථිර කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණ වුණා.

ඒ, ලංකා සතොස නිලධාරින් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි.

සමාගම ආරම්භයේ සිටම සමාගමේ ප්‍රධාන නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර ඇතුලු සතොසේ ඉහළ තනතුරු 8ක් කොන්ත්‍රාත් පදනමින් බඳවාගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගෙන තිබුණද, එම තනතුරු සඳහා බඳවා ගැනීමට අදාළව බඳවා ගැනීමේ පටිපාටීන් අනුමත කරගෙන නොතිබූ බවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා එහිදී සඳහන් කර තිබුණා.

එයට පිළිතුරු ලබාදෙමින් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ,

“2024 සැප්තැම්බර් මාසයේ තිබුණ බොඩ් මීටිමක වසර 2කට දුන් කොන්ත්‍රාත්තුව වසර 5කට දීර්ඝ කරලා. එතකොට වසර 5ක් මේ තනතුරුවල ඉන්න ඕනේ. ප්‍රතිලාභ පැකේජයේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. CEO කෙනෙකුගේ මූලික වැටුප රු.173,000යි. ඒ වැටුපට කවුරුත් මේකට ගන්න බැහැ.”

එහිදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා කියා සිටියේ, ආයතනයේ මූලික තැන් කොන්ත්‍රාත් පදනමින් වැඩකිරීම සුබදායී නොවන බව ඔවුන්ගේ අදහස් බවයි.

2024 ජුලි 850ක් පමණ සේවකයින් එකවර ඡන්දයට පෙර ස්ථිර කර ඇති බවත්, එය ගැටලු සහගත බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: