2025 ජූනි 06, පෙ.ව. 12:09
නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුම්වත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
මීට පෙර නිකුත් කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ හා උපදෙස් ලිපිවලට අමතරව ගතයුතු ක්‍රියාමාර්ග හා උපදෙස් නිකුත් කර ඇති අතර සිසු දරුවන් හා අධ්‍යයන/ අනධ්‍යයන කාර්යමණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම උපදෙස් පිළිපදින ලෙස එහි දැක්වෙයි.
මෝසම් වැසි සමය එළඹීමත් සමග දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකුන්ගුන්යා රෝග පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බැවින් පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.
සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, පිරිවෙන්වල පරිවේනාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් මෙයින් දැනුම්වත් කෙරෙන බවද එම නිවේදනයේ සඳහන්ය.
2025 මැයි (31) වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ පසුවන දරුවන් බවත් සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.
2025 ජූනි 07, පෙ.ව. 12:06
2025 ජූනි 07, පෙ.ව. 12:05
2025 ජූනි 07, පෙ.ව. 12:03
2025 ජූනි 07, පෙ.ව. 12:01
2025 ජූනි 07, පෙ.ව. 12:00
07-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
05-06-25
05-06-25