2025 ජූලි 17, පෙ.ව. 10:02
මෙවර උසස් පෙළ විභාගය පෙනී සිටින දරුවන්ට විභාග අයිතිය අහිමි කරවීමේ සිදුවීම් ගණනාවක් දිවයිනේ පාසල් රැසකින් වාර්තා වේ.
දැනට පවතින චක්‍රලේඛය හරහා 80%ක පැමිණීම නොමැති දරුවන්ට පාසල නියෝජනය කරමින් විභාගයට පෙනී සිටීමට ඉඩ නොදීමට ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් කටයුතු කිරීම හේතුවෙනි.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2006 වසරේ නිකුත් කර ඇති 2006/45 දරන, සිසුන්ගේ පාසල් පැමිණීම ඉහළ නැංවීම සහ පාසල් කාලය තුළදී ගුරු භවතුන් විසින් මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම වැළැක්වීම එම චක්‍රලේකයේ අරමුණයි.
කෙසේවෙතත් එම චක්‍රලේඛය පෙන්වමින් විදුහල්පතිවරු තම විද්‍යාලයන්හි පැමිණීම අඩු ඇතැම් උසස් පෙළ උරුවන්ට පාසලෙන් ඉවත්වී පෞද්ගලික අයැදුම්කරුවන් ලෙස විභාගයට ඉදිරිපත් වන්න යැයි බලපෑම් කරමින් සිටිනා බව වාර්තා වෙයි.
පැමිණීම 80%ක් තිබිය යුතු යැයි චක්‍රලේඛයේ සඳහන් වුවද එසේ නොමැති දරුවන්ට විදුහල්පති හා පාසල් කළමනාකරණ කමිටුව මගින් පිළිගන්නා කරුණු සහ වෛද්‍ය වාර්තා මත පදනම්ව විභාගයට වාඩිවීමට ඉඩ දිය හැකි බව අධ්‍යාපණ අමාත්‍යංශය පවසයි.
2025 ජූලි 17, පෙ.ව. 10:39
2025 ජූලි 17, පෙ.ව. 10:14
2025 ජූලි 17, පෙ.ව. 10:07
2025 ජූලි 17, පෙ.ව. 9:59
2025 ජූලි 17, පෙ.ව. 12:20
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25