2023 ජූලි 17, ප.ව. 6:53
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන කාලය තුළදී වෘත්තීය පාඨමාලාවක් පාසල තුළ දීම හැදෑරීමේ අවස්ථාව දීපව්‍යාප්ත මට්ටමින් සිසුන්ට හිමි කර දීමට ඉදිරියේ කටයුතු කරන බවයි.
උසස් පෙළ හැදෑරුවත් නැතත් සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් ඒ තුළින් සිසුන්ට ලබා ගත හැකි බවයි, ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.
අමාත්‍යවරයා මෙහිදී, විදෙස් රටවල පවතින පුහුණු ශ්‍රම ඉල්ලුමට සරිලන පුහුණුවක් ලබා දිය හැකි පරිදි දිවයින පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථානවලින් පාඨමාලා හැදෑරීමේ දී එහි කාලය අඩු කරගැනීමට ද පාසලේ දී මූලිකව ලබන මෙම වෘත්තීය පුහුණු පාඨමාලා කාලය ඉවහල් කරගත හැකි බව ද පෙන්වා දුන්නා.
ඉදිරියේ දී ජර්මන් රජයේ සහයෝගය මත මෙම ආයතනය හා එහි පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ.
මීට අමතරව පාඨමාලාවල ප්‍රමිතිය අඛණ්ඩව ඉදිරියටත් සුරක්ෂිතව පවත්වාගත යුතු බවත් මෙරට එවැනි වෙනත් කාර්මික පුහුණු ආයතනවල තත්වය ද එලෙසින්ම සංවර්ධනය කළ යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:12
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21