2025 දෙසැම්‍බර් 11, ප.ව. 1:28
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඩිජිටල් ඉගෙනුම් වේදිකා ශක්තිමත් කර ඇත.
ඒ ‘දිට්වා’ සුළි කුණාටුවත් සමඟ ඇති වූ අනපේක්ෂිත හදිසි තත්ත්වය තුළ සිසුන් මුහුණ දුන් අභියෝග හඳුනා ගනිමින්, ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා සහයෝගය ලබා දීමේ අරමුණින්.
ඒ අනුව ඕනෑම ස්ථානයක සිට සිසුන්ට විෂය කරුණු සහ පසුගිය ප්‍රශ්න පත්‍ර වෙත ප්‍රවේශ වීමට හැකි වන ආකාරයට ජාතික ඉලෙක්ට්‍රොනික ඉගෙනුම් වේදිකාව වන ඊ-තක්සලාව (E-thaksalawa) සඳහා ප්‍රවේශය වැඩි දියුණු කර ඇති බව සඳහන්.
මෙමඟින් පාසල් වසා දැමීම සහ බාහිර අර්බුද නොතකා සිසුන්ට විභාගය සඳහා අඛණ්ඩව සූදානම් වීමට හැකියාව ලැබෙන බව පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ඩිජිටල් කාර්ය සාධක බලකායේ කාර්ය මණ්ඩලය මඟින් අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් සකස් කර ඒවා මෙම ඉගෙනුම් වේදිකාවට ඇතුළත් කර, සිසුන්ට ප්‍රවේශ වීමේ හැකි බව සහතික කළ අතර මෙම සහයෝගි ප්‍රයත්නය තුළින් අධ්‍යාපනය වේගයෙන් ඩිජිටල්කරණය කිරීමට හැකි වූ බව පෙන්වා දෙයි.
එසේම ඉදිරියේදී, සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ද මෙවැනි ඩිජිටල් ඉගෙනුම් සම්පත් 2026 පෙබරවාරි මාසයේ සිට ලබා දීමට නියමිතයි.
අමාත්‍යාංශය සඳහන් කරන්නේ එමඟින් අනපේක්ෂිත අභියෝගවලට අනුවර්තනය වීමේ හැකියාව ඇති, ඩිජිටල් ලෙස ඒකාබද්ධ වූ අධ්‍යාපන පද්ධතියක් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බවයි.
2026 මාර්තු 03, පෙ.ව. 9:58
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
03-03-26
03-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
22-02-26
22-02-26
20-02-26
20-02-26