2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 9:44
9 හැවිරිදි දැරියකගේ තික්ෂණ නුවණ සහ ක්ෂණිකව ක්‍රියාත්මක වීම හේතුවෙන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී සිය දිවි නසාගැනීම සඳහා කැලිප්සෝ දුම්රියට ගෙල තබා සිටි 42 හැවිරිදි පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී තිබේ.
මෙම වීරක්‍රියාව සිදුකර ඇත්තේ බණ්ඩාරවෙල පදිංචි සෙනුකි හියාරා නම් ශිෂ්‍යාවක් වන අතර ඇයගේ මව සහ පියා විදෙස්ගතව රැකියාවල නිරතවන අයවලුන් බව සඳහන්.
මෙම දැරිය සහ ඇගේ බාල සහෝදරයා ඔවුන්ගේ සීයා සහ මිත්තණිය සමග බණ්ඩාරවෙල නගරයේ ජීවත්වෙන අතර කැලිප්සෝ දුම්රියෙන් දෙමෝර දක්වා ගමන් කිරීමට පසුගියදා සෙනුකි, ඇගේ සහෝදරයා සහ ඇගේ මිත්තණිය සමග පසුගිය 23වනදා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ගොස් තිබුණා.ඇත.
එහිදී සිය සහෝදරයා සමග සෙල්ලම් කරමින් සිටි සෙනුකි, යම් පුද්ගලයෙකු කැලිප්සෝ දුම්රියේ රෝදයක් ආසන්නයේ රේල්පිල්ලට බෙල්ල තබාගෙන සිටින ආකාරය දැක ඇත.
පසුව දැරිය එම පුද්ගලයා අසලට දිව ගොස් අදාළ පුද්ගලයා සමඟ කතා බස් කිරීමට උත්සාහ ගෙන ඇති එම පුද්ගලයා ඊට ප්‍රතිචාර දක්වා නැත.
ඉන් නොනැවතුනු දැරිය පසුව ඇය එම පුද්ගලයා බේරාගැනීමට උදව් ඉල්ලමින් දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කාමරය දිවගොස් ඇත.
එම තොරතුරත් සමඟ වහාම ක්‍රියාත්මක වූ දුම්රිය නිලධාරීන් හා සේවකයන් එම පුද්ගලයා දුම්රිය මාර්ගයෙන් එළියට ගෙන සිදුවන්නට ගිය මහ විපතින් ඔහු බේරාගෙන තිබෙනවා.
සියදිවි නසාගැනීමට තැත්කළ පුද්ගලයා දුම්රිය ස්ථානාධිපති විසින් බණ්ඩාරවෙල පොලිසියට බාරදී ඇති බවද සඳහන්.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ඔහු මානසික ආතතියකින් පෙළුණු හිටපු නාවික හමුදා සාමාජිකයෙකු බවත් පවුල් ආරවුලක් නිසා මීට පෙර අවස්ථා කීපයකදී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවත් විමර්ශණවලදී අනාවරණය වූ බව බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කළා.
2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 8:20
2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:05
26-09-25
26-09-25
26-09-25
26-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25