hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 13, ප.ව. 2:49



ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආදරණීය පියානන්වු එල්.එච්. ක්‍රිසි සිල්වා මහතා අද (13) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට හෙතෙම 93 වන වියෙහි පසුවුුුණා.

ක්‍රිසි සිල්වා මහතා වර්ෂ 1989 සිට 1993 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති වූ අතර හෙතෙම ඊට ප්‍රථම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය සභාපතිවරයෙකු වශයෙන් ද සේවය කර තිබෙනවා.

අභාවප්‍රාප්ත සුමනා සිල්වා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන ක්‍රිසි සිල්වා මහතා, වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වර්ධන බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලක්‍ෂ්මන් සිල්වා, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා (විශ්‍රාමික) සහ බැංකු කළමණාකාරිනී නෙරංජනී සිල්වා ගේ ආදරණීය පියාණන් වනවා.

කලක් රෝගාතුරව සිටි ඔහුගේ සුවදුක් විමසමින් ඔහු රැක බලා ගැනීමට ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉමහත් කැපවීමකින් කටයුතු කර තිබුුුණා.

අභාවප්‍රාප්ත එල්.එච්. ක්‍රිසි සිල්වා මහතාගේ දේහය මේවනවිට මාතලේ, රාහුල මාවතේ අංක 10 දරන නිවසේ තැම්පත් කර තිබෙනවා.

අවමංගල්‍ය කටයුතු 15 බ්‍රස්පතින්දා සවස 4.30 ට මාතලේ පොදු සුසාන භුමියේදී සිදුකිරීමට නියමිති.