hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05



2020 මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරයෙක් වන හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවයි.

ශෙහාන් සේමසිංහ මහතා 2020 මහ මැතිවරණයේදී මනාප 119,878ක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත්විය.

පසුගිය වසරේ ආර්ථිකයේ පැවැති තත්ත්වයන් හමුවේ රට ආර්ථික වශයෙන් විවිධ බලපෑම්වලට ලක්වූ බවත් බංකොලොත් බවට පත් වූ පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමග එක්ව රටේ ආර්ථිකය ගොඩ නැංවීමට කැප වී ක්‍රියාකිරීමට තමාට හැකි වූ බවත් එම නිවේදනයේ සේමසිංහ මහතා සඳහන් කර ඇත.

ඔහු එම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ රටක් ලෙස සිදුකළ කැපකිරීම් සහ ලද ජයග්‍රහණයන් සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් නොතිබුණු බව මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළ බවයි.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවීමට තීරණය කළේ පසුගිය රජය විසින් මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රතිපත්ති ගරුක දේශපාලන මාවත ජනතාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව තමන් කලකිරීමට පත්වූ බැවින් බව හිටපු රාජ්‍ය ඇමතිවරයා එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: