hit counter

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා

2025 අප්‍රේල් 25, ප.ව. 3:12



සිරි දළදා වන්දනාව අද (25) 8 වන දිනටත් පෙරවරු 11ට ආරම්භ කෙරුණා.

“සිරි දළදා වන්දනාව”, පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 27 වන ඉරිදා දක්වා පමණක් පැවැත්වීමට තීරණය කළ බව, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඒ අනුව, සිරි දළදා වන්දනාවේ දිනයන් කිසිඳු දීර්ඝ කිරීමක් සිදුනොකෙරෙන බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේ.

කිසිදු හේතුවක් මත මෙම තීරණය වෙනස් නොවන බවද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළා.

මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක වූ විශේෂ දුම්රිය සේවාව ඊයේ (24දා) සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ සඳහා දිනකට දුම්රිය 03ක් යොදවා තිබිණ.

දුම්රිය මගින් විශාල පිරිසක් වන්දනාව සඳහා යෑම පාලනය කිරීම මෙන්ම සාමාන්‍ය දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට ඇති බාධා සැලකිල්ලට ගෙන එම දුම්රිය ධාවනය අත්හිටු වූ බව දුම්රිය උසස් නිලධාරියෙක් පැවසුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: