hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 17, පෙ.ව. 9:30



දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරිම වෙනුවෙන් ආයතන 31කින් දුම්රිය දේපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් 118,934,728ක හිඟ ආදායම අය කර ගැනිමට නොහැකිවි ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ බව අනාවරණය වූයේ ජාතික විගණන කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාල නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාව මගින්.

භාණ්ඩ ප්‍රවාහනය කිරිමෙන් ආයතන 16කින් ලැබිය යුතු රුපියල් 20,307,403ක මුදල වසර 20ක කාලයක සිට හිඟ මුදල් වශයෙන් පවතින බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

වසර ගණනාවක සිට ලැබිය යුතු මෙකි හිඟ මුදල් නිරවුල් කරන මෙන් අදාල ආයතන වෙත දුම්රිය දෙපාර්තමේන්තුව මගින්  යවන ලද ලිපි එවැනි ආයතනයන් නොමැති බව දන්වා නැවත හරහා එවා තිබෙනවා.

එමෙන්ම මෙම ආයතන වර්ෂ ගණනාවක සිට වෙළද බිල්පත් ක්‍රමය යටතේ භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් ක්‍රියාත්මකව නොමැති බවද විගණන වාර්තාවේ සදහන්.

ඒ අනුව අදාල හිඟ මුදල අය කර ගැනිමට නොහැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: