2026 අප්‍රේල් 30, පෙ.ව. 11:49
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh (මාලදිවයිනේ ඉතාලි තානාපති ලෙසද සේවයේ නියුතු) (29) දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) හමු විය.
මෙහිදී ආරක්ෂක ලේකම් විසින් නව තානාපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාව වඩාත් ඵලදායි අන්දමින් පැවැත්විණි.
මෙම හමුවේදී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර එහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.
ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ තානාපති Francovigh, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට තම කැමැත්ත මෙහිදී යළි තහවුරු කළේය.
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:13
2026 මැයි 01, පෙ.ව. 12:12
2026 මැයි 01, පෙ.ව. 12:11