2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
පෙර වසරේදී රුපියල් බිලියන 3.8ක ලාභයක් වාර්තා කරමින් යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, 2024/25 මූල්‍ය වර්ෂය තුළදී රුපියල් බිලියන 7.6ක දැවැන්ත අලාභයක් වාර්තා කරමින් නැවතත් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බව අනාවරණය වේ. සමාගමේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති නවතම වාර්ෂික වාර්තාවට අනුව, 2025 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ මෙම පසුබෑම වාර්තා වී තිබේ.
මෙම මූල්‍ය කඩාවැටීමට සමගාමීව, ශ්‍රී ලංකන් සමූහ ව්‍යාපාරය ද පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 7.9ක ලාභය වෙනුවට, මේ වසරේ රුපියල් බිලියන 2.7ක අලාභයක් වාර්තා කර ඇත. මෙම තත්ත්වය, ජාතික ගුවන් සේවයේ අනාගත පැවැත්ම පිළිබඳව බරපතල සැකයක් මතු කරන බව ජාතික විගණන කාර්යාලය පවා සිය වාර්තාව මගින් පෙන්වා දී තිබීම විශේෂත්වයකි. විගණකාධිපති වාර්තාවට අනුව, සමාගමේ සහ සමූහයේ ජංගම වගකීම් ප්‍රමාණය, ජංගම වත්කම් ප්‍රමාණය අභිබවා ගොස් ඇති අතර, “සමාගමට අඛණ්ඩ පැවැත්මක් පවත්වාගැනීමට ඇති හැකියාව පිළිබඳව සැලකිය යුතු සැකයක්” මතුවන බව එහි පැහැදිලිව සඳහන් කර ඇත.
මෙම අලාභයට ප්‍රධානතම හේතුව ලෙස වාර්තාව පෙන්වා දෙන්නේ ගුවන් සමාගමේ මෙහෙයුම් ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටීමයි. රටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ ගියද, ශ්‍රීලංකන් ගුවන් සේවයට 2024/25 වර්ෂයේදී සේවා සැපයීමට හැකිවී ඇත්තේ ගුවන් මගීන් මිලියන 3.5කට පමණි. එය පෙර වසරට සාපේක්ෂව 4%ක පහත වැටීමකි. එහි ප්‍රතිඵලයක් ලෙස, මගී ආදායම ද පෙර වසරේ පැවති රුපියල් බිලියන 276.2 සිට රුපියල් බිලියන 234.5 දක්වා 15%කින් සංකෝචනය වී තිබේ.
සේවයේ යෙදවිය හැකි ගුවන් යානා සංඛ්‍යාව සීමා සහිත වීම, නඩත්තු කටයුතු සඳහා යොමු කළ ගුවන් යානා නැවත සේවයට එක්වීමේ ප්‍රමාදයන් සහ වසර පුරා මුහුණ දුන් ඉංජිනේරුමය බාධාවන් මෙම ධාරිතාව පහත වැටීමට සෘජුවම බලපා ඇති බව වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, 2024/25 මූල්‍ය වර්ෂය වන විට ගුවන් සමාගමේ මුළු සේවක සංඛ්‍යාව 6,071ක් ලෙස සටහන් වන අතර, ඔවුන්ගේ වැටුප් සහ අනෙකුත් පිරිවැය සඳහා රුපියල් මිලියන 32,799ක් වැය කර තිබේ. එය පෙර වසරට වඩා රුපියල් මිලියන 538ක වැඩිවීමකි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 99.77%ක් තවමත් රජය සතු වන අතර, සේවක අර්ථසාධක අරමුදල 0.09%ක හිමිකාරීත්වයක් දරයි.
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:05
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25