hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 02, පෙ.ව. 2:01



වයඹ පළාතේ විදුහල්පති සහ ගුරු පුරප්පාඩු 5795ක් පවතින බව විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා පවසනවා.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද සඳහන් කළා.

“විදුහල්පති පුරප්පාඩු 697ක් සහ ගුරු පුරප්පාඩු 5098ක් පවතිනවා. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතට අදාළව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව සිදු කළ විමසීමකින් අදාළ තොරතුරු තහවුරු කර ගත්තා. වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි අධ්‍යාපන කලාප 08ක සහ කොට්ඨාස 31ක මේ පුරප්පාඩු විසිරී පවතිනවා. මේ කොට්ඨාසවල විදුහල්පති ශ්‍රේණිධාරී පුරප්පාඩු අතරින් මහව 121ක්, නිකවැරටිය 75ක්, කුරුණෑගල 44ක්, ඉබ්බාගමුව 05ක්, ගිරිඋල්ල 03ක්, කුලියාපිටිය 36ක්, හලාවත 139ක් සහ පුත්තලම 188ක් ලෙස මේ විදුහල්පති පුරප්පාඩු 697 පවතිනවා. පළාත් මට්ටමින් ඉල්ලුම් කරන විදුහල්පති පුරප්පාඩු පිරවීමට 2018 / 2019 වසරවල බඳවා ගැනීමෙන් පසුව වසර තුනක කාලයක් ගතව තිබුණත් තරග විභාග පවත්වා කඩිනමින් බඳවා ගැනීම සිදු කර නෑ. මේ හේතුවෙන් ග්‍රාමීය පාසල් පවත්වාගෙන යෑමේදී වැඩ බලන විදුහල්පතිවරුන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා.”