2026 ජනවාරි 29, පෙ.ව. 11:13
හදිසි ආපදා තත්ත්වයකදී ළමුන්ට සහය වීම වෙනුවෙන් ගුරුවරුන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන ඇත.
ඒ 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතින් බව සඳහන්.
ඒ අනුව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ ගුරුවරුන් විසින් ළමයින් වෙත කළයුතු සහ නොකළයුතු දෑ යන කාණ්ඩ දෙකක් ඔස්සේ එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙන බවයි.
එබැවින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ කළ යුතු දේ ලෙස සඳහන් වන්නේ පාසල් ළමුන් නිල ඇඳුම් සපත්තු සහ වෙනත් පාසල් උපකරණ නොමැතිව පැමිණිය ද ළමුන් වෙනස් කොට නොසැලකීම, ළමුන් සඳහා සවන් දීම, පාසල තුළ ආරක්ෂාව හා රැකවරණය ලැබිය හැකි ස්ථානයක් බවට පත් කිරීම, ළමුන්ට අනාගතය පිළිබඳ සුභවාදී බලාපොරොත්තු ලබා දීම, ළමුන් සඳහා සහකම්පනයෙන් යුතුව ක්‍රියා කිරීම ආදියයි.
එමෙන්ම කම්පන සහගත තත්ත්ව ළමුන්ට නැවත ආවර්ජනය නොකරවීම, ආපදාවලට මුහුණ දුන් ළමුන් වෙනස්නොකොට සැලකීම, ආපදාවට ලක්වූ ළමුන් පිළිබඳව ගුරු විවේකාගාර තුළ හෝ පාසලේ වෙනත් ස්ථානවල සාකච්ඡා නොකිරීම, ඉටුකළ නොහැකි පොරොන්දු ළමුන් සඳහා ලබා නොදීම වැනි දෑ, නොකළ යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ගුරුවරුන්ට දැනුම් දී තිබෙනවා.
තවද ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කියා සිටියේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා 1929 ක්ෂණික ඇමතුම් අංකය සහ ළමුන්ගේ මානසික සෞඛ්‍ය අධ්‍යනය සඳහා 1926 යන අංක හඳුන්වා දීමටද පියවර ගෙන ඇති බවයි.
2026 ජනවාරි 29, පෙ.ව. 11:07
2026 ජනවාරි 29, පෙ.ව. 9:15
2026 ජනවාරි 29, පෙ.ව. 8:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:34
2026 ජනවාරි 29, පෙ.ව. 12:33
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26