hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 29, ප.ව. 2:47



ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය 73වන වරටත් අගෝස්තු 02 වනදා සිට 20වනදා දක්වා උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මෙහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (28) පැවැත්වුණා.

පූජ්‍ය බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ මගපෙන්වීම හා අනුශාසනා පරිදී බෙල්ලන්විල ඇසළ පෙරහර කමිටුව විසින් පූජෝත්සවයේ සංවිධාන කටයුතු සිදු කරනු ලබනවා.

පෙරහර මංගල්‍ය සඳහා වාර්ෂිකව දායකත්වය ලබා දෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සම්පත් දායකත්වය මෙවර ද ලබා ගනිමින් පුණ්‍යෝත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.