2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:15
ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වන පරිදි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රීපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ අනුතුන්දහස්,නමසියපහක (493,905) අවශ්‍යතාවයක් පැවතියද ඉකුත් වර්ෂය තුල (2024) බෙදාහැර ඇත්තේ ත්‍රිපෝෂ මාස්ටර් බෑග් දෙලක්ෂ හැත්තෑහතර දහස් එකසියඅනුඅටක් (274,198) බවය.
ඒ අනුව එය මුළු අවශ්‍යතාවයෙන් සියයට 55.51කි.
මෙහිදී අනුරාධපුර,මහනුවර,නුවරඑළිය,බේරුවල සහ කළුතර යන ප්‍රා දේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල හා ආයතනවල අවශ්‍යතාවයෙන් බෙදාහරිනු ලැබු ත්‍රීපෝෂ බෑග් ප්‍රමාණය සියයට 50ට වඩා අඩු ප්‍රතිශතයක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ කෙසේවෙතත් ශ්‍රිලංකාවේ මන්දපෝෂණය තුරන්කර නිරෝගි ජාතියක් ගොඩනැගිමේ අරමුණින් පෝෂණ අවශ්‍යතා ඇති සියලු ගැබිණි සහ කිරිදෙන මව්වරුන් ඇතුළු අපේක්ෂිත ප්‍රතිලාභින්ට ත්‍රීපෝෂ නිෂ්පාදනය කොට නොමිලේ බෙදාහැරිම ත්‍රිපෝෂ සමාගමේ ප්‍රධාන කාර්යභාර්ය වේ.
මේ අනුව ත්‍රිපෝෂ බේදාහැරිමේ කාර්යය ඉතා අකාර්යක්ෂම ලෙස පැවති බවද විගණන වාර්තාවේ සදහන් වනවා සේම සෞඛ්‍ය අමාත්‍යංශය හා ත්‍රිපෝෂ සමාගම එක්ව ත්‍රිපෝෂ බෙදාහැරිමේ විධිමත් යාන්ත්‍රණයක් සකස්කොට ක්‍රියාත්මක කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03
15-06-25
15-06-25
04-06-25
04-06-25
30-11-24
30-11-24
10-11-24
10-11-24
01-06-24
01-06-24
23-09-22
23-09-22
21-09-22
21-09-22