hit counter

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:04



බඩ ඉරිඟු ආනයනය සීමා වීම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව ඇණහිට තිබෙනවා.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පැවසුවේ, ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රින් ටොන් දහ අට දහසක් ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය වූ බවයි.

එහෙත්, ආනයන පාලක ජනරාල්වරයා ඊට සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පවසා තිබුණේ, එම සංශෝධන ඇතුලත් නව කැබිනට් පත්‍රිකාව ලබන 7 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා තෙක්, බඩ ඉරිඟු ආනයනය සීමා කර ඇති බවයි.

ඒ හේතුවෙන් පසුගිය 21 වැනිදා සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය ඇණහිට ඇතැයි සභාපතිවරයා පැවසුවා.

ඔහු සඳහන් කළේ, ලබන 7 වැනිදායින් පසු බඩ ඉරිඟු ආනයනය ආරම්භ කිරීමත් සමග ත්‍රිපෝෂ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

දැනට නිෂ්පාදනය කර ඇති ත්‍රිපෝෂ තොග දිවයිනපුරා බෙදාහරිමින් සිටින බව ද ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: