hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:40



රජය විසින් ලබාදුන් ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් විෂකාරකය අඩංගු බවට පළමුවරට මාධ්‍යයට අනාවරණ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාව අද (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ වැටලීම් ඒකකයට කැඳවා තිබුණා.

ඒ, ඔහු සිදුකළ ප්‍රකාශය පිළිබඳව පැවැත්වෙන විමර්ශනයකට අදාළවයි.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු බවන බවයි.

“විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා මේක තුළ යම් අසාධාරණයක් වෙලා තියෙනවා නම් මහජනතාවට සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. යම් නිලධාරියෙක්ගේ නොසැලකිලිමත්කම නිසා යම් හානියක් සිදුවෙලා තියෙනවා නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී කියලා විශ්වාස කරනවා. ඒ වගේම දිගින් දිගටම මාව නිහඬකරවීම හෝ මාව පීඩාවට පත් කරලා මේ ප්‍රශ්නයෙන් මාව ඉවත් කරලා මේ ගැන විමර්ශන නොකර ඉන්න උත්සාහ කරනවා නම් ඊට අදාළ ක්‍රියාමාර්ගත් අපි ගන්නවා. ඉතාම පැහැදිලිව වාර්තා 8ක් පදනම් කරගෙන මම ඒ ප්‍රකාශය නිකුත් කළේ. එම වාර්තාවල තියෙන කරුණු සනාථ කරන්න ඒ හා සමානවම ක්ෂේත්‍රයේ අනෙකුත් ප්‍රදේශවලට ත්‍රිපෝෂ බෙදාහැරීම සහ ඒවා නොසැලකිලිමත් ලෙස බදාහැරීම ගැන කරුණු සනාථ කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ත්‍රිපෝෂ සමාගමෙන් මව්වරුන්ට බෙදාහැරීම සඳහා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට ලබාදුන් ත්‍රිපෝශවලින් තමයි මේ සාම්පල අපි යොදා ගත්තේ. එතකොට එයාලා කර්මාන්ත ශාලාවෙන් නිකුත් කළ ඒවාගෙන් තමයි අපි සාම්පල ගත්තේ. ඒ නිසා එම සභාපතිවරයාට එසේ කීමට අයිතියක් නෑ සහ ඒක සත්‍යයක් නෙමේ කියන එක ඉතාම පැහැදිලියි. අපි තාම සාම්පල් අරගෙන තියෙන්නේ 8ක. කළුතරට ගියපු ප්‍රමාණයෙන් ත්‍රිපෝෂ කොට්ට 150කට ආසාන ප්‍රමාණයක් තමයි එතන රඳවා තිබිලා තියෙන්නේ. ත්‍රිපෝෂ කොට්ට 150කට වඩා වැඩි ප්‍රමාණයක් එක තොගයකට නිෂ්පාදනය කරනවා. ඒ නිසා ඉතිරි ත්‍රිපෝෂ ලංකාවේ කුමණ ප්‍රදේශවල බෙදුවද කියලා අපි පරීක්ෂණ කරමින් සිටිනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: