hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17



ලංකාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවත් ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය මේ වනවිට හෙරොයින් මත්ද්‍රව්‍ය පරද්දා ඉදිරියට පැමිණ තිබෙන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කරයි.

මෙරට මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 80-100ත් අතර ප්‍රමාණයකට දිවි අහිමි වන බවත් දිනකට මෙවැනි මරණ සිදුවෙන වෙනත් තනිපුද්ගල හේතුවක් නොමැති බවද ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කරයි.

ලංකාවේ වැඩිම ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන කරුණ වන්නේ දුම්පානය බවත් මධ්‍යසාර භාවිතයෙන් දිනකට පුද්ගල මරණ 10-15ත් අතර ප්‍රමාණයක් සිදුවන බවද ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කරයි.

“රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව, විෂ මත්ද්‍රව්‍ය නිවාරණය හා ඒ සම්බන්ධ අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මේ බව සඳහන් කරයි.

ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කළේ,

ලංකාවේ දොරටු විවර කරලා දෙන ප්‍රධාන මත්ද්‍රව්‍යක් තමයි දුම්පානය. හෙරොයින්වලට භාවිතා කරන අයගෙන් බොහෝ පිරිසක් හෙරොයින්වලට පෙර දුම්පානය භාවිතා කරලා කියන එකට ඇති තරම් සාක්ෂි තියෙනවා.

ඒ වගේම තමයි ගංජා භාවිතයට පෙර ගොඩක් අය භාවිතා කරලා තියෙන්නේ එක්කෝ මධ්‍යසාර නැත්නම් දුම්වැටි. මේ වගේ මත්ද්‍රව්‍ය අතර තියෙනවා මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් අපට හදුනාගන්න පුළුවන්.

දෙවැන්න තමයි මේකෙන් වෙන හානිය. මේ තුළින් ආර්ථික, සමාජීය සහ සෞඛ්‍ය හානිය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. නමුත් කිව යුතුම කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි සෞඛ්‍යමය පැත්ත ගත්තොත් ලංකාවේ එක දවසකට වැඩිම ජීවිත ප්‍රමාණයක් නැති කරන තනි හේතුව තමයි මත්ද්‍රව්‍ය.

දුම්පානය නිසා ලංකාවේ දිනකට ජීවිත 50කට වැඩි ප්‍රමාණයක් ඇතිවන ලෙඩ නිසා මරණයට පත්වෙනවා. ඒ වගේම මධ්‍යසාර නිසා දිනකට 10-15ත් අතර ප්‍රමාණයක් මිය යනවා. ඒ වගේම තමයි අනෙකුත් මත්ද්‍රව්‍ය නිසා මිය වන ප්‍රමාණය තාමත් නිසි පර්යේෂණ මගින් තහවුරු කරලා නැති වුණාට අපි ඇස්තමේන්තුගත සාක්ෂි දත්ත බැලුවොත් එහෙම සාමාන්‍යෙයන් 10-15ත් අතර ප්‍රමාණයක් දිනකට මිය යනවා.

මේ අනුව සාමාන්‍ය දිනක් අනුව ගත් විට 80-100 අතර ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය නිසාම ජීවිතය නැතිවෙනවා. මේ මරණ දිහා ගත් විට මෙවැනි මරණ සිදුකරන වෙනත් තනිපුද්ගල හේතුවක් නැති තරම්.

රිය අනතුරු ගැන බලන්න. සියදිවි නසාගැනීම බලන්න. දියවැඩියාව අනෙකුත් බෝ නොවන රෝග අරන් බලන්න. කොරෝනා කාලයෙත් කොරෝනා වලටත් බැරිවුණා එක දිනක මේ මත්ද්‍රව්‍ය වාර්තාව කඩන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: