2023 ජූනි 14, ප.ව. 12:35
බගවන්තලාව වතු ආශ්රිත ප්රදේශයන් තුළ දිවා කාලයේ පවා කොටියන් සැරිසැරීම හේතුවෙන් එම ප්රදේශවල ජනතාව දැඩි බියකට පත්වීමත් සමග එම පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වෙනවා.
බගවන්තලාව ටින්සින්, ප්රෙට්රසෝ, මෝරා යන ප්රදේශයන් තුළ සැරිසරන කොටියන් මේ වන විට වැඩිවෙමින් පවතින බවත් මේ පිළිබඳව අදහස් දක්වන එම ප්රදේශවල වතුකම්කරුවන් කිහිපදෙනෙක්ම සඳහන් කළා.
මෙම කොටියන් රාත්රී කාලයේ පමණක් නොව දිවා කාලයේ ද මාර්ග වල පවා සැරිසරන බවත් මෙම තත්වයන් තම තමන් මෙන්ම තම දරුවන්ද දැඩි බියකට පත්ව ඇති බව ඔවුන් සඳහන් කළා.
මෙම කොටියන් මෙසේ දිවා කාලයේදී මෙහි සැරිසැරීමත් සමඟ දරුවන්ට නිසි ලෙස පාසල් යාමට පවා නොහැකි තත්ත්වයක් පවතින බවත් සමහර අවස්ථාවලදී තම දරුවන් පාසල් යෑමට නිවසෙන් ගොස් මාර්ග වල කොටියන් සිටීම හේතුවෙන් නැවත නිවසට පැමිණෙන අවස්ථා පවතින බවද එම පිරිස් පවසනවා.
මෙම තත්වයන් මත තමන් දැඩි අවදානම් තත්ත්වයකින් පසුවන බවත් මෙම තත්ත්වයන් පිළිබඳව අවධානය යොමුකර මෙම කොටියන් අල්ලා වෙනත් රක්ෂිතයට රැගෙන යාමට පියවර ගන්නා ලෙස වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එම පිරිස් වැඩිදුරටත් සඳහන් කළා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06