hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 පෙබරවාරි 27, පෙ.ව. 4:27



රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිතුක් කර තිබෙනවා.

කොහුවල මංසන්දියේ ඉදිවන ගුවන් පාලමෙහි ඉදිකිරීම් කටයුතු පෙබරවාරී 22 වන දින සිට ආරම්භ කර මැයි මස 31 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරීය මගින් දැනුම් දී ඇති බව පොලිසිය පවසනවා.

එම ඉදිකිරීම් කාලය තුළ කොහුවල හන්දිය හරහා ගමන් කිරීමට මගී බස්රථ හා සැහැල්ලු වාහන සඳහා හැකියාව තිබෙනවා.

 නමුත් ගුවන් පාලමේ ඉදිකිරිම් සිදුවන බැවින් අධික මාර්ග තදබදය හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා විකල්ප මාර්ග සඳහන් දැනුවත් කිරීමේ පුවරු විලියම් මංසන්දිය-ගාලු පාර, නුගේගොඩ මංසන්දිය, කිරුළපන මංසන්දිය, බොරලැස්ගමුව මංසන්දිය, පැපිලියාන මංසන්දිය, පාමංකඩ මංසන්දිය හා අධිවේගී මාර්ගය-කහතුඩුව පිවිසුම යන ස්ථානයන්හි සවිකර තිබෙනවා.

එම ස්ථානයන්හි රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව ක්‍රියා කරන ලෙස වැඩිදුරටත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.