hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූලි 03, ප.ව. 12:35



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ රංගන ශිල්පි උද්දික පෙරමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබු දිනයේ ඒ ආසන්නයෙන් සුදු පැහැති මෝටර් රථයක් ගමන් ගන්නා අයුරු සටහන්ව ඇති සී.සී.ටී.වී. දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා රස පරීක්‍ෂක වාර්තාව නොපමාව කැඳවීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපර්තෙමේන්තුවට නියම කළා.

සී.සී.ටී.වී. දර්ශන වන සටහන් වී ඇති සුදු පැහැති මෝටර් රථය වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය බවට සැක මතු වී ඇති හෙයින් ඒ බව තහවුරු කර ගැනීමට අදාළ සී.සී.ටී.වී. දර්ශන වල රස පරීක්ෂක වාර්තාව කැඳවීමට නියම කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළා.

ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පේරමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල මෝෂමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සිද්ධියට අදාළ විමර්ශන වල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නා.

උද්දික පේරමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූ දිනයේ ඒ ආසන්නයේ මාර්ගයක සුදු පැහැති මෝටර් රථයක් ගමන් ගන්නා අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇතැයි ද අදාළ මෝටර් රථය වෙඩි ප්‍රහාර එල්ල කිරීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය බවට සැක කරන්නේ යැයි ද කී නිලධාරීහු එහෙත් එම කරුණ ස්ථිරවම තහවුරු කර ගැනීමට තරම් අදාළ සී.සී. ටී.වී. දර්ශන පැහැදිලි තත්වයේ නැතැයි ද සඳහන් කළා.

එහෙයින් අදාළ සී. සී. ටී. වී. දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා මෝටර් රථය බවට මතු වී ඇති සැකය තහවුරු කර ගැනීමට අදාළ සී. සී. ටී. වී. දර්ශන වල රස පරීක්ෂක වාර්තාව කැඳවීමට නියම කරන්නැයි රහස් පොලිස් නිලධාරීහු ඉල්ලා සිටියා.

රහස් පොලිසියේ ඉල්ලීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා රස පරීක්ෂකවරයාගේ වාර්තාව සහ විමර්ශන වල ප්‍රගතිය නොපමාව ඉදිරිපත් අධිකරණයට කිරීමට පොලිසියට නියම කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: