2023 ජූලි 06, පෙ.ව. 9:51
අඟහරු ග්‍රහයාට සමරූපි පාෂාණ උසන්ගොඩ කන්දෙන් හමුවේ නාසා ප්රමුඛ විද්‍යාඥයින් පිරිසක් පරීක්ෂණ පවත්වනවා.
අඟහරු ග්‍රහයාගේ පිහිටි පාෂාණ වලට සමරූපී පාෂාණ යැයි සිතිය හැකි පාෂාණ පිහිටි මෙරට ස්ථාන පරීක්ෂා කිරීම යටතේ අම්බලන්තොට උසන්ගොඩ කන්ද ආශ්රිත ස්ථානය පරික්ෂාවට ලක් කිරීම ඊයේ (05) සිදු වුණා.
නාසා ආයනයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු මෙරට විශ්ව විද්‍යාලවල පරීක්ෂණ කණ්ඩායමක් එක්ව මෙම පරීක්ෂාව සිදු කෙරුණා.
අඟහරු ග්‍රහයාගේ පිහිටීම සම්බන්දව දුරස්ථව සිදුකල පරීක්ෂණවල ප්‍රතිපල මත සර් පන්ඩින් පාෂාණ මෙරට ස්ථාන කිහිපයක පිහිටා ඇති බවට සිදු කරන ලද පරීක්ෂන වලින් පසුව එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා නාසා ආයතනය සමඟ මෙම පරීක්ෂණ කටයුතු සිදු කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භුගර්බ විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රසන්න ලක්ෂිත මහතා සඳහන් කළා.
මෙම පරීක්ෂණ කණ්ඩායම උසන්ගොඩ කඳු මුදුනට බෑවුම්ව ඉන්දියන් සාගරයට මායිම්ව පිහිටි පාෂාණ තට්ටුව නිරික්ෂණය කිරීම හා එහි නියැඳි කොටස් ලබා ගැනීම සිදු වුණා.
පාෂාණ තට්ටුව කොටස් කිහිපයකින් පිහිටා තිබීම මෙහිදී ඉතාම පහසුවෙන් දැක ගැනීමට හැකිවී තිබිමද විශේෂත්වයක්.
හම්බන්තොට – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06