2023 අප්‍රේල් 07, පෙ.ව. 6:16
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන වාහන දීමනාව හිමි මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් බහුතරයක් ක්ෂේත්‍ර රාජකාරි සඳහා පිටතට යෑමේ දී සංචිත වාහන භාවිත කරන බවට එම කාර්යාල සේවකයෝ චෝදනා කරනවා.
වාහන දීමනාව ලෙස රුපියල් 60000 ත් 70000 ත් අතර මුදලක් ලබන ඇතැම් මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරින් තමන්ගේ පෞද්ගලික වාහනයම ඒ වෙනුවෙන් භාවිතා කලද එම වාහනය නිවසේ සිට කාර්යාලයට පැමිණීමට පමණක් භාවිතා කොට කාර්යාලය භූමියේ ගාල් කොට තබා රාජකාරි ගමන් සඳහා රජයේ සංචිත වාහන භාවිත කිරීම චක්‍ර ලේඛණ උල්ලංඝනය කිරීමක් බවත් එම සේවකයෝ පෙන්වා දෙනවා.
වාහන දීමනාව සඳහා හිමිකම් නොමැති නිලධාරීන් ලවා ක්ෂේත්‍ර රාජකාරී සඳහා සංචිත වාහන ලබා ගැනීමෙන් පසු මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් ඒවාහි ඉදිරිපස ආසන වල නැග යන අයුරු මේ දිනවල සුලබ දසුනක් බවත් කාර්යාල සේවකයෝ පවසනවා.
කන්න රැස්වීම් ඇතුළු ඇතැම් පොදු වැඩසටහන් වලට වාහන යොදවන අවස්ථාවල වාහන හිමිකම් තිබෙන නිලධාරීන්ද ඒවාහි ගමන් ගන්නා බවත් එසේ නොමැතිව එවැනි නිලධාරීන් සංචිත වාහන භාවිත නොකරන බවත් මේ සම්බන්ධව කළ විමසීමක දී මහනුවර දිස්තරීක් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසුවා.
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:26
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:22
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:10