2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:05
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා විසින් ලියාපදිංචි නොකළ මෝටර් රථ මිල ගණන් රුපියල් ලක්ෂ 5 ත් 15 ත් අතර අගයකින් මේ වන විට පහත වැටී ඇති බව ප්‍රකාශ කරයි.
එසේම ඊට සමගාමීව ලියාපදිංචි කරන ලද (පාවිච්චි කළ) වාහනවල මිල ගණන්ද සැලකිය යුතු ලෙස අඩු වෙමින් ඇති බව ද කියයි.
මේ වන තෙක් පැවති අධික ඉල්ලුම නිසා පාවිච්චි කළ වාහන, ඒවායේ නියමිත වටිනාකමට වඩා ඉහළ මිලකට අලෙවි වූ බවත්, ඉදිරියේදී එම මිල තවදුරටත් පහත යනු ඇති බවද මෙරෙන්චිගේ මහතා සඳහන් කරයි.
එමෙන්ම වසර පහකට පසුව ඉකුත් පෙබරවාරි පළමුවැනිදා සිට වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට විශාල වාහන ප්‍රමාණයක් ගෙන්වීම ආරම්භ වී ඇත.
ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ පුරා වසර පහක කාලයක් පුරා පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන් එසේ ගෙන්වූ වාහන ප්‍රදර්ශනාගාර වෙත ළඟා වීමටත් පෙර අලෙවි වූ බවයි.
එසේ වුවත් මේ වන විට ලියාපදිංචි නොකළ (අලුත්) වාහනවලට වන ඉල්ලුම අඩු වී ඇත. ඊට එක් හේතුවක් නම් තම පැරණි වාහනය මාරු කර අලුත් වාහනයක් මිලදී ගැනීමට සිටි පුද්ගලයන් එම තීරණය කල් දැමීමයි.
එසේම වාහන වෙළෙඳාමට විධිමත් නොවන ආකාරයට බොහෝ දෙනෙකු යොමු වීම නිසාද මෙරට අවශ්‍යතාවයට වඩා වැඩි වාහන සංඛ්‍යාවක් ආනයනය කර ඇති බවද සභාපතිවරයා හෙළි කරයි.
මෙම තත්ත්වය ක්ෂේත්‍රයේ ස්ථිර ව්‍යාපාරිකයන්ට ගැටලුවක් වී ඇති බව සඳහන්.
තවද එයට ආනයනය කරන ලද නව වාහනයක් දින 90ක් ඇතුළත අලෙවි කිරීමට නොහැකි වුවහොත්, එහි සම්පූර්ණ වටිනාකමින් සියයට 3ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවට වූ රජයේ තීරණයද බලපා තිබෙනවා.
මේ නිසා ඇතැම් ව්‍යාපාරිකයන්ට තමන් ගෙන්වූ වාහන පාඩු ලබමින් අලෙවි කිරීමට සිදුවී ඇති බවද ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ වැඩියෙන්ම අලෙවි වන වාහන සන්නාමය ටොයොටා බවත් ඒ අතරින් ‘රේස්’ (Raize) සහ ‘යාරිස්’ (Yaris) මාදිලිවලට ඉහළ ඉල්ලුමක් පවතින බවත් ය.
එසේම සුසුකි ‘වැගන් ආර්’ මෝටර් රථයේ ජනප්‍රියතාව අඩු වෙමින් පවතින බවත් ‘නිසාන් ලුකස්’ (Nissan Lucas) මෝටර් රථයේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවයි.
මේ අතර සුඛෝපභෝගී වාහන කාණ්ඩය යටතේ ‘ප්‍රාඩෝ’ (Prado) සහ ‘එල්.සී 300’ (LC 300) මාදිලි ජනප්‍රිය වී ඇති බවත් පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස 8 තුළ මෙරට වාහන ආනයනයට දැරූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 918ක් වේ.
අගෝස්තු මාසයේදී ඉන් වැඩිම ආනයන වියදමක් වාර්තා වී තිබුණා.
මේ අතර ශ්‍රී ලංකා රේගු දත්ත මත වසරේ පළමු මාස 9 තුළ ඩොලර් මිලියන 911ක් වටිනා වාහන 154,537ක් නිදහස් කර ඇති අතර එම සංඛ්‍යාවට යතුරුපැදි 98,923ක් සහ මෝටර් රථ 40,323ක් ඇතුළත්.
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:08
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25