hit counter

2025 නොවැම්‍බර් මස 08 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 09, පෙ.ව. 12:23



මෙරට වාහන ආනයනය සහ වෙළෙඳපොළ කෙරෙහි සෘජුව බලපාන තීරණයක් ගනිමින්, රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේදී අනුගමනය කරන ණය අනුපාතයන් (Loan-to-Value Ratios) නැවත සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. මෙම නව සංශෝධනය මගින්, වාහනයක වෙළෙඳපොළ වටිනාකමින් ලබාගත හැකි උපරිම ණය මුදල තවදුරටත් සීමා කර ඇත.

නව තීරණයට අනුව, ලීසිං පහසුකම් ලබා දීම ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වර්ගීකරණය කර තිබේ. එහිදී, වාණිජමය භාවිතය සඳහා වන රථ වාහන (උදා: ලොරි, බස්) සඳහා ලබාගත හැකි උපරිම ණය මුදල, වාහනයේ වටිනාකමින් 70%ක් ලෙස සංශෝධනය කර ඇත. පෞද්ගලික භාවිතය සඳහා වන මෝටර් රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් සියලුම වාහන සඳහා ලබාගත හැකි උපරිම ණය මුදල වාහනයේ වටිනාකමින් 50%ක් දක්වා අඩු කර තිබීම විශේෂත්වයකි.

මීට පෙර, පසුගිය ජූලි මාසයේදී මහ බැංකුව විසින් ලීසිං අනුපාතයන් කාණ්ඩ හතරක් යටතේ ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී වාණිජ වාහන සඳහා 80%ක්, පෞද්ගලික වාහන සඳහා 60%ක්, ත්‍රිරෝද රථ සඳහා 50%ක් සහ අනෙකුත් වාහන සඳහා 70%ක් ලෙස එම අනුපාතයන් පැවතුණි. එම කාණ්ඩ හතර, මෙවර කාණ්ඩ දෙකක් දක්වා සරල කරමින් සහ ණය සීමාවන් දැඩි කරමින් මෙම නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: