2026 මාර්තු 11, පෙ.ව. 12:13
රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර ප්‍රකාශ කර ඇත්තේ බලපත්‍ර නොමැතිව යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ පදවන අවුරුදු 18 ට අඩු දරුවන්ටද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම, ඔවුන්ට රථවාහන ලබාදෙන දෙමාපියන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු පවසයි. වසර ආරම්භයේ සිට පසුගිය 08 වනදා දක්වා මාරක රිය අනතුරු 457 ක් සිදුව ඇති අතර, ඉන් පුද්ගලයින් 475 දෙනෙකු මියගොස් ඇත.
රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොට්ඨාසය සදහන් කළේ පසුගිය වසරේ එම කාලය හා සැසදීමේදී අනතුරු 50 ක් සිදුව ඇති අතර 56 දෙනෙකු මියගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, බාල වයස්කාර දරුවන් යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ පැදවීම රිය අනතුරු පාලනයට බාධාවක් වී ඇති බව කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසුවේය.
2026 මාර්තු 12, පෙ.ව. 12:23
2026 මාර්තු 12, පෙ.ව. 12:17
2026 මාර්තු 12, පෙ.ව. 12:17
2026 මාර්තු 12, පෙ.ව. 12:16
2026 මාර්තු 12, පෙ.ව. 12:14
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26