hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2025 මැයි 10, පෙ.ව. 12:13



වියට්නාමයේ සිට ජනාධිපති අනුර කුමාර දිසානායකට මෙරටට පැමිණීම සඳහා ආ ජෙට් යානයට ලංකා රජය සතයක්වත් වියදම් නොකළ බව ත් සියලු වියදම් වියට්නාමයේ බෞද්ධ සංගමය විසින් දැරූ බව ත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ සිට ආපසු පැමිණීම සඳහා පෞද්ගලික ජෙට් යානය සඳහා වියදම් දැරුවේ කවුරුන්දැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.

එම මාතෘකාවත් සමඟ උණුසුම් වාද විවාද ඇති විය.

අදාළ ගුවන් ගමන සඳහා වියදම් සමාගමක් විසින් දරන ලද බව ත් ඒ සඳහා පැහැදිලි කිරීමක් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව ත් පෙන්වමින් ඊට අදාළ සටහන් සමාජ මාධ්‍යවල සංසරණය වූ බව මන්ත්‍රිවරයා පැවසීය.

ඊට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ශ්‍රී ලංකා රජය අදාළ ජෙට් යානය සඳහා සතයක්වත් වියදම් නොකළ බව ත් සියලු වියදම් වියට්නාමයේ බෞද්ධ සංගමයක් විසින් දරනු ලැබූ බව ත් ය.

මැයි 6 වන දා වියට්නාමයේ පැවැත්වූ එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයට සහභාගී වී ප්‍රධාන දේශනය පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායකට ආරාධනා කළ අතර කතාවෙන් පසු ජනාධිපතිවරයාට ඡන්දය දැමීම සඳහා නැවත පැමිණිය නොහැකි බව ඔවුන්ට දැනුම් දුන් බව ත් ඒ අනුව, එම සංවිධායකයන්, වියට්නාමයේ බෞද්ධ සංගමයක් ජෙට් යානයක් සූදානම් කළ බව ත් විජිත හේරත් වැඩිදුරටත් කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: