hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 මැයි 26, පෙ.ව. 12:06



දැනට පවතින ක්‍රමවේදයට අනුව මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් නොමිලේ ලබා ගත හැකි බව මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම දින 30කට වැඩියෙන් රැඳී සිටීමට මාලදිවයින් ජාතිකයින්ට https://www.srilankaevisa.lk/ යන වෙබ් අඩවියට පිවිස නොමිලේ මාස 6ක වීසා බලපත්‍රයක් සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කිරීමේ හැකියාව ඇති බවද සඳහන්.

මෙම වීසා බලපත්‍රයට පරිපාලන ගාස්තුවක් අය කරන බවද එහි සඳහන් කර තිබෙනවා.

එසේ නොමැතිව දැනටමත් ශ්‍රී ලංකාවේ සිටින සහ වීසා දිගුවක් අවශ්‍ය මාලදිවයින් ජාතිකයින් සඳහා කොළඹ මාලදිවයිනේ මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වීමේ හැකියාවද පවතිනවා.

ශ්‍රී ලංකාවේ නව විද්‍යුත් වීසා ක්‍රමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග මාලදිවයින් සංචාරකයින් ට එහි බලපෑමක් නොමැතිව නිරවුල්ව සිය සංචාරය සිදුකර ගැනීම සහතික කිරීම සඳහා මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: