hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 7:37



මෙරටට පැමිණෙන රටවල් 07ක සංචාරකයින්ට වීසා රහිතව රටට ඇතුළු වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙලෙස අනුමැතිය ලැබී ඇත්තේ ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවක් 07 සඳහා ය.

මෙම පියවර 2024 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියක කොටසක් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් මහතා සදහන් කළා.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වෙන්නේ ඉන්දියාව, චීනය සහ රුසියාව යන රටවලින් ය.

මෙම ගන්නා පියවර මගින් එම රටවල් හතෙන් වැඩි සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වන බව අමාත්‍යවරයා පැවසුවා.

කෙසේ වෙතත්, ඒ අනුව මෙම රටවල සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන විට ගාස්තුවකින් තොරව වීසා ලබා ගත හැකි වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: