2023 සැප්තැම්බර් 10, පෙ.ව. 10:51
මටත් දරු තිදෙනාටත් ජීවත් වෙන්න නිවසක් තනා දෙන්න යැයි කුවේට් රාජ්‍යයේ රැකියා නියෝජිත ආයතනයක රදවා සිටි ගිරිබාව, පොතානේගම ප්‍රදේශයේ පදිංචි වාසනා ප්‍රනාන්දු මහත්මිය කටුනායක ගුවන් තොටුපොළේ දී ඉල්ලීමක් කළා.
30 හැවිරිදි වාසනා ප්‍රනාන්දු මහත්මිය තම දරු තිදෙනා , තම මවට භාර දී මීට මාසයයි දින දහයකට කට පෙර කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා පිටත්ව ගොස් තිබුණා.
මේ අතරතුර වාසනාගේ මව ද මෙම ළමුන් තිදෙනා අතහැර ගොස් තිබූ බැවින් ඔවුන් සිය පාසැල් අධ්‍යාපනය ද නවතා දමා ඉතා අසීරුවෙන් සිය ජීවිත අනාරක්ෂිතව, ඔවුන්ගේ කටු මැටි ගැසූ නිවසෙහි ගෙවා දමමින් සිටියදී, මේ පුවත ශ්‍රී ලංකාව පුරා ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ පළ වුණා.
මෙම ප්‍රවෘත්තිය පළ වී 09/09 දින පැය කීපයක් ගත වීමත් සමග කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් තම දරු තිදෙනා පත් වී සිටින අසරණ භාවය සළකා, වහාම තමාව ශ්‍රී ලංකාවට යැවීම සදහා පියවර ගන්නා ලෙස තමන් රදවා ගෙන සිටි රැකියා නියෝජිත ආයතනය වෙත නියෝග කළ බව වාසනා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවා.
එහිදී මෙම රැකියා නියෝජිත ආයතනයට ඇයව වහාම මෙරටට එවීම සදහා රුපියල් ලක්ෂ නවයක් වැය වී තිබූ අතර, ඇය විදේශගත වීමට පෙර තවත් රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන් දහසක මුදලක් ලබා දුන් බව එම රැකියා නියෝජිත ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසුවා.
එසේම වාසනා මීට පෙර සිය සොහොයුරිය සමග කටුනායක ගුවන් තොටුපොළ තුළ පිරිසිදු කරන්නියක ලෙස වසර දෙකක පමණ කාළයක් සේවය කර තිබූ අතර , ඇය මීට පෙර දෙවරක්ම විදේශගත රැකියා වල නිරත වී සිටි බව ගුවන් තොටුපොළ ඇය සමග සේවය කළ සේවිකාවන් පැවසූවා.
කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්තිය පළ වී පැය 24 ක් ගත වීමටත් පෙර , වාසනා ප්‍රනාන්දු 09/10 දින උදෑසන 07.00ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇයගේ ගිරිබාව නිවෙස වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:05