hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 08, ප.ව. 2:56



වසන්ත ඇතුළු පිරිසට වෙඩිතැබූ තුවක්කුකරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන ඇත.

පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථය පරීක්ෂා කරමින් ඇති අතර මෝටර් රථයේ තිබී අපරාධකරුවන් සම්බන්ධයෙන් වැදගත් ශාක්ෂි රැසක් හමුවූ බව වාර්තා වෙනවා.

වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා.

එම වෙඩිතැබීමෙන් ගායන ශිල්පිනියක් වන කේ සූජීවා ඇතුළු තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

වෙඩික්කරුවන් දෙදෙනෙකු පැමිණ T56 වර්ගයේ ගිනි අවි යොදාගනිමින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකළ ආකාරය එම ආයතනයේ ආරක්ෂක කැමරාවල පටිගත වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: