hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූලි 10, ප.ව. 4:14



ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳ ද වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම හෝමාගම මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ නැගණියගේද තත්ත්වය බරපතළ බව හෝමාගම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ජනප්‍රිය ගායන ශිල්පිණී කේ. සුජීවා සහ අනෙක් පුද්ගලයා සැත්කම් කිහිපයකට භාජනය කිරීමෙන් අනතුරුව තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 10ක් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: