hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2024 මැයි 11, පෙ.ව. 12:06



පසුගිය වසරට සාපේක්ෂව වෙළද පොළේ වෙසක් සැරසිලි මිළ ගණන් මෙවර 30% – 40% අගයකින් ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි, එම මිල ඉහල ගොස් ඇති සැරසිලි අතර වෙසක් කූඩු, ඇතැම් බකට්, විදුලි බුබුලු වැල් ආදිය ඇතුළත් වෙනවා.

පවතින අමුද්‍රව්‍ය හිඟය සහ ඉහළ මිල හේතුවෙන් ඇතැම් වෙසක් සැරසිළි මිල ඉහළ යාමට හේතුවී ඇති බව මෙරට වෙසක් සැරසිලි නිෂ්පාදකයන් පවසයි.

මේ දිනවල දිවයිනේ බොහෝ නගර වල වෙලද සැල් වෙසක් සැරසිලි වලින් පිරී පවතියද පසුගිය වසර වලට සාපේක්ෂව අලෙවිය පහත බැස ඇති බව වාර්තා වෙනවා.

පසුගිය වසරේ රුපියල් 200ක පමණ මිලකට පැවති කුඩා විදුලි බල්බ වැලක් රුපියල් 300 ත් 350 අතර මිළකට මෙවර අලෙවි කෙරෙන බව පැවසෙන අතර ප්ලාස්ටික් වෙසක් කූඩුවක මිල ද රුපියල් 100කට ආසන්න මිලකින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ නමුත් වෙසක් සව් කඩදාසි මිල මෙවර රුපියල් 05 කින් පමණ අඩු වී ඇති බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: