2024 මැයි 23, පෙ.ව. 12:02
බන්ධනාගාර කොමසාරිස්,මාධ්‍ය ප්‍රකාශක,ගාමිණි බී. දිසානායක පැවසූවේ,ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන්278 දෙනකුට නිදහස ලබාදීමට කටයුතු කළ අතර ඉන් 10 දෙනකු කාන්තාවන් බවයි.
ඔවුන් අද (23) පෙරවරුවේ නිදහස ලබා බන්ධනාගාරවලින් පිටව යාමට නියමිත අතර,ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාව ලබාදී ඇත.
බන්ධනාගාර 29කින් මෙලෙස සිරකරුවන් 278 දෙනෙක් නිදහස් කර ඇති අතර ඒ අතරින් වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස ලබා ඇත්තේ මහර බන්ධනාගාරයෙන් වන අතර එම සංඛ්‍යාව 37කි, කෑගල්ල බන්ධනාගාරයෙන් සිරකරුවන් 29 ක්ද වාරියපොළ බන්ධනාගාරයෙන් සිකරුවන් 27ක්ද, අනුරධපුර බන්ධනාගාරයෙන් 20ක්ද,බෝගම්බර බන්ධනාගාරයෙන් 17ක්ද, කළුතර බන්ධනාගාරයෙන් 16ක්ද, ගාල්ල 12ක්ද,කුරුවිට බන්ධනාගාරයෙන් 12ක්ද ලෙස සිරකරුවන් නිදහස් කරනු ඇත.
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:17
25-06-26
25-06-26
30-05-26
30-05-26
28-05-26
28-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
24-05-26
24-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
21-05-26
21-05-26
05-05-26
05-05-26
03-05-26
03-05-26
25-04-26
25-04-26