hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:12



ඇතැම් දූෂිත දේශපාලනඥයින් දේශප්‍රේමීන් ලෙස තමන්ව හුවා දක්වමින් ඔවුන් විසින් කරන ලද සියලු දූෂණ,වංචා අපරාධ සියල්ල සමාජයෙන් වසන් කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ දේශප්‍රේමය යන්නෙන් සරලවම අදහස් කරන්නේ තම මාතෘ භූමියට ආදරය කිරීම බවයි.

සැබෑ දේශප්‍රේමියෙකුට තම රට  බරපතළ ආර්ථික ආගාධයකට වැටෙන තෙක් රාජ්‍ය දේපළ සොරකම් කිරීමට හැකිදැයි යනුවෙන් තමන් ප්‍රශ්න කරන බව ඒ මහතා සඳහන් කළා.

නජිත් ඉන්දික පවසා සිටියේ දේශප්‍රේමය යනු ජාතිවාදය නොවන බවයි.

පෙර පැවති දූෂිත පාලනයන් විිසින් කාලයක් රට තුළ වඳ කොත්තු, වඳ යට ඇඳුම් වැනි අහිතකර සංකල්පයන් සමාජයට මුසු කළ බවත් ඒ හේතුවෙන් සමාජය තුළ ජාතිවාදය පදනම් කරගනිමින් විශාල බෙදුම් රේඛාවක් නිර්මාණය වූ බව ඔහු කියා සිටියා.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැහැදිලි කළේ 2022 මහජන නැගිටීමෙන් ( ආදරයේ අරගලය) පසු රට තුළ සිටින්නේ අලුත් විදිහට සිතන ජනතාවක් නිසා ඔවුන් නැවතත් පරාජිත දේශපාලන කල්ලි විසින් මෙහෙයවන  කූට උපක්‍රමවලට නොරැවටෙන බවයි.

වැඩිදුරටත් අදහස් පළකළ වෛද්‍ය නජිත් ඉන්දික මහතා

“ දැන් නැවත වතාවක් මේ දේශප්‍රේමය ගැන කතාවක් දැන් උඩට ඇවිල්ලා තියෙනවා නේද කාලෙකට පස්සේ. දේශප්‍රේමය කියන්නේ මොකක්ද? තමන්ගේ රටට ආදරය කිරීමනේ. දේශප්‍රේමයට පුළුවන්ද තමන්ගේ රට සුද්ධ කරන්න? කවුරුහරි දේශප්‍රේමියෙක් කියලා තමන්ට කියා ගන්නවා නම් ඒ බිම ඒ රට බංකොලොත් වෙනකන් ඒ රටෙන් හොරකන් කරන්න පුළුවන්ද?. බැහැනෙ නේ.

ආදරය කියන වචනයේ අනිත් පැත්තනේ ඒක. එහෙනන් කොළඹ ඉඩම් විකුණද්දී අල්ලස් ගන්න පුළුවන්ද? රටට ගේන ගුවන් යානා වලිනුුත් අල්ලස් ගන්න පුළුවන්ද? හොස්පිටල් එකට මොකක් හරි යන්ත්‍රෝපකරණයක් ලබා දෙනවා කියලා සල්ලි ගන්න පුළුවන්ද? ඒවා තමන්ගේ එකවුන්ට් ඒකේ දාගෙන ඒවා යට ගහන්න පුළුවන්ද? රටට ආදරේ මිනිහෙක්ට එහෙම හිතන්නවත් බැහැනේ.

එතකොට දේශප්‍රේමීන් කියලා කියාගෙන තමන්ගේ සියලු ජඩකම්,මැරකම්, හොරකම් ඔක්කොම වහගත්තා. දේශප්‍රේමය වගේම කාලයක් අර්ථකතනය කළා දේශප්‍රේමය කියන්නේ ජාතිවාදය කියලා. මතකද වඳ කොත්තු, වඳ යට ඇඳුම්. ලෝකේ දැනට හොයාගෙන නැති වඳ යට ඇඳුම් ලංකාවේ හොයාගත්තනේ. මේ සමාජයක් වලට ඇදලා දැම්මා වගේ ඇත්තටම. මේ සමාජයක ලොකු බෙදුම් රේඛාවක් හැදුවනේ.

ඒ ව්‍යාපෘතියේ ඉස්සරහින් හිටපු, මාධ්‍යයට වොයිස්කට් දීපු චරිත ටික මතකද? ගිහි පැවිදි දෙකම. දැන් ඒ මුණු ටික ආයේ පේන්න පටන් අරන් තියෙනවා නේ මේ මෑත කාලේ. සාමාන්‍යයෙන් කොන්ත්‍රාත්කාරයා සයිට් එකට යන්නේ මේසන් බාස් වැඩේ අනා ගත්තාම. දැන් මේ දවස්වල අපිට පේන්න තියෙනවා කොන්ත්‍රාත්කාරයෝ යනවනේ සැරින් සැරේට සයිට් එකට. හැබැයි වැඩේ තියෙන්නේ ඒ කොන්ත්‍රාත්කාරයෝම තමයි 2019ත් කොන්ත්‍රාත් එක කරේ. හැබැයි එකම වෙනස ඒ කොන්ත්‍රාත්කාරයෝ දන්නේ නැහැ මේ රටේ 2022 පස්සේ ඉඳලා අලුත් ජනතාවක් ඉන්නවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: