hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු 04, පෙ.ව. 12:16



මැද­පෙ­ර­දිග රට­වල මේ වන විට ඇතිවී තිබෙන නොස­න්සු­න්කාරී තත්ත්වය හමුවේ එම රට­වල සිටින ශ්‍රී ලාංකි­ක­යන් සම්බ­න්ධ­යෙන් තොර­තුරු සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය නව WhatsApp දුර­ක­ථන අංක­යක් හඳුන්වා දී තිබේ.

පැය 24 පුරා ක්‍රියා­ත්මක වන පරිදි +94 704776008 යන දුර­ක­තන අංකය මේ අනුව හඳු­න්වාදී ඇත. ඊට අම­ත­රව, කාර්යාං­ශයේ හදිසි ඇම­තුම් අංකය වන 1989 හරහා ද තොර­තුරු ලබා­ගත හැකිය.

මැද­පෙ­ර­දිග කලා­පයේ උද්ග­තව ඇති නොස­න්සු­න්කාරී සහ අව­දා­නම් සහ­ගත වාතා­ව­ර­ණය සැල­කි­ල්ලට ගනි­මින්, එම රට­වල වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කිරී­මත්, ඔවුන්ගේ තොර­තුරු කඩි­න­මින් සොයා බැලී­මත් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය විසින් පිය­වර රැසක් ගෙන තිබේ.

මේ වන­විට එම රට­වල තානා­පති කාර්යාල හරහා නිර­න්ත­ර­යෙන් ශ්‍රමි­ක­යන්ගේ ආර­ක්ෂාව පිළි­බඳ සොයා බල­මින් සිටින අතර කිසි­යම් හදිසි අව­ශ්‍ය­තා­වක් මතු­වු­ව­හොත් ඒ සඳහා ගත­යුතු ක්‍රියා­මාර්ග පිළි­බඳ ද කාර්යාං­ශය විසින් සිය තානා­පති කාර්යාල නිල­ධා­රීන් දැනු­වත් කර ඇත.

තානා­පති කාර්යාල වෙතින් ලැබෙන නිල නිවේ­දන අනුව මේ වන­විට කිසිදු ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­ය­කුට අන­තු­රක් සිදුවී නැතැයි වාර්තා වන අතර අදාළ රට­වල සිටින ශ්‍රමි­ක­යන්ට කිසි­යම් අව­ශ්‍ය­තා­වක් මතු­වු­ව­හොත් කඩි­න­මින් තමන් වෙසෙන රටේ තානා­පති කාර්යා­ලය අමතා තොර­තුරු දැනුම් දෙන ලෙස ද කාර්යාං­ශය මැද­පෙ­ර­දිග රට­වල සේවය කරන ශ්‍රී ලාංකි­ක­ය­න්ගෙන් ඉල්ලා සිටී.

කලා­පයේ පව­තින අවි­නි­ශ්චිත තත්ත්වය හේතු­වෙන් අන­වශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසත්, අදාළ තානා­පති කාර්යා­ල­වල උප­දෙස් පිළි­ප­දින ලෙසත් මැද­පෙ­ර­දිග සිටින සිය­ලුම ශ්‍රී ලාංකි­ක­ය­න්ගෙන් කාර්යාං­ශය වැඩි­දු­ර­ටත් ඉල්ලා සිටී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: