2023 දෙසැම්බර් 22, පෙ.ව. 12:03
අයිඑම්එෆ් සමඟ ඇතිකරගත් එකඟතාවයෙන් පසුව ඩොලරය රුපියල් 185 ට බසීවී යැයි පසුගිය මාර්තු මස ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් අද වන විට ඩොලරය රුපියල් 327 ක් වැනි ඉහළ අගයක පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව වත්මන් රජයේ අයිඑම්එෆ් සුබ සිහින බොදවී ඇතැයි මන්ත්‍රිවරයා ප්‍රකාශ කළා.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ දෙරණ වාද පිටිය වැඩසටහන හා එක් වෙමින්.
එහිදී 2024 වසරේ මෙරට ඇති වන බරපතළ ආර්ථික අර්බූදයක් සම්බන්ධයෙන් ද පිවිතුරු හෙළ උරුම නායකයා අනතුරු අඟවා සිටියා.
ලබන වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක රජයේ අධික වැට් බඳු හේතුවෙන් නිශ්පාදන වියදම ඉහළ යාම නිසා තරගකාරී මිලකට සිය භාණ්ඩ අලෙවි කළ නොහැකි වීමෙන් අපහසුතාවයට පත් වන මහා පරිමාණ ව්‍යාපාරිකයන් තම කර්මාන්තශාලා මෙරටින් ඉවත්කර ගන්නා අතරම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සිය ව්‍යාපාර අතහර දැමීමට සිදුවන බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියා.
මේ හේතුව නිසා අතිවිශාල පිරිසකට ලබන වසරේ රැකියා අහිමිවීමේ අවධානමක් පවතින බවද ගමන්පිල මහතා මෙහිදී අනාවරණය කළා.
මෙරට සැබෑ අයවැය හිඟය රුපියල් බිලියන 5500 ක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මෙවැනි අයවැය හිඟයක් තුළ රුපියල් දස දහසකින් රජයේ සේවකයන්ගේ වැටුප වැඩිකිරීමට නම් මුදල් අච්චු ගැසීම, දේශීය වශයෙන් ණය ගැනීම, හෝ විදේශීය වශයෙන් ණය ගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවත් ඒ කවර කරුණකදී වුවද මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ යෑම සිදුවන බව මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව 2024 වසර, බදු බරින් විරැකියාවෙන් සහ ණය බරින් අන්ත අසරණ වන ජනතාව මහා මාර්ගයට පැමිණ මංකොල්ලකෑමේ නිරතවන පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි මන්ත්‍රිවරයා සිය කරුණු දැක්වීමේ දී ප්‍රකාශ කර සිටියා.
2025 ජනවාරි 11, පෙ.ව. 12:27
2025 ජනවාරි 11, පෙ.ව. 12:15
2025 ජනවාරි 11, පෙ.ව. 12:11
2025 ජනවාරි 11, පෙ.ව. 12:08
2025 ජනවාරි 11, පෙ.ව. 12:07
10-01-25
10-01-25
10-01-25
10-01-25
07-01-25
07-01-25
02-01-25
02-01-25
01-01-25
01-01-25
30-12-24
30-12-24
25-12-24
25-12-24
23-12-24
23-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
13-12-24
13-12-24
10-12-24
10-12-24