2023 ජනවාරි 31, පෙ.ව. 6:16
ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් වන “ApeAmma” යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව ලෙස සටහන්ව තිබෙනවා.
නව ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලාංකේය යූ ටියුබ් නාලිකාව වන ‘අපේ අම්මා’ අන්තර්ජාල දැන්වීම් ආදායමෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් 962, 386ක් උපයනු ලබන බව සඳහන්.
ආහාර සැකසීම ඇතුළු අන්තර්ගතයන් බෙදා ගන්නා ‘අපේ අම්මා’ යුටියුබ් නාලිකාව ආසියාවේ ඉහළම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකා අතර ප්‍රමුඛස්ථානයේ පසුවනවා.
මේ අතර වැඩිම ආදායමක් ලබන ලොව අංක 01 යුටියුබ් නාලිකාව ලෙස ආදායම් වාර්තා අතරින් ඉහලම ස්ථානයේ පසුවන්නේ අමෙරිකානු ළමා යු ටියුබ් නාලිකාවක් වන “Cocomelon” ය.
එහි ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 282.8ක් ලෙස සටහන්ව ඇත.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06