2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:04
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබෙනවා.
ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් එම ආරාධනය ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර් මහතා විසින් එම ආරාධනය සිදුකර තිබුණා.
මේ අතර, නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ජාවක නිරත වී තිබෙනවා.
සිය ධූරකාලයක තුළදී ඉන්දියාව සමඟ පැවති ශක්තිමත් සබඳතාවය නව රජය එලෙසම ඉදිරියට පවත්වාගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බව එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කළා.
මෙම හමුව කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවසේදී පවත්වා තිබෙනවා.
මීට අමතරව, ඔහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියව හමුවී ඇති අතර, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂී හමුවක්ද අද කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ දී සිදුවුණා.
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:45
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
05-02-25
05-02-25
05-02-25
05-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
03-02-25
03-02-25
02-02-25
02-02-25
31-01-25
31-01-25
31-01-25
31-01-25
30-01-25
30-01-25
30-01-25
30-01-25