hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 මාර්තු 02, පෙ.ව. 2:30



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා දුන් පිරිසක් පසුගියදා එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

ඒ පළාත් මැතිවරණයට තරග කිරීම සඳහා රජයේ සේවයෙන් ඉවත් වූ සේවකයන්ට, රැකියාවට යෑමට අවස්ථාව නොලැබීමත්, මාසිකව ලබාගත් වැටුප් නොලැබීමත් හේතුවෙන් මුහුණ දී තිබෙන තත්ත්වයට විසඳුමක් ලබාගැනීමටයි.

තමන් මුහුණ දෙන ප්‍රශ්නය ගැන ඔවුන් බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රකාශ කරද්දී ඔහු ලබාදී තිබුණේ අපූරු විසඳුමකි.

“මම හිටිය නම් මේකට මොකක් හරි කරනවා. දැන් මට කරන්න දෙයක් නෑ. අර 21ට අත උස්සපු එවුන් ළඟට ගිහින් ඕක කියල ඕක කරගන්නවා” යැයි කියමින් ඡන්ද අපේක්ෂක පිරිස පන්නා ගෙන තිබෙන බව වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: