hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:17



රටට සහ ජනතාවට අවශ්‍ය වෙනස සිදුකිරීමේ අපේක්ෂාවෙන් මෙම ජනවරම ලබාගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය ඊයේ (24) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව එහි සිටි කාර්ය මණ්ඩලය අමතමින් මේ බව කියා සිටියා.

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති සහ දැක්ම තුළ සෞඛ්‍ය කේෂ්ත්‍රයට ප්‍රමුඛස්ථානය හිමිවන බවයි ඇය එහිදී අවධාරණය කළේ.

එය අතිශයන්ම වැදගත් කේෂ්ත්‍රයක් බවත්, එය නඟා සිටුවීමට උපරිමයෙන් කැපවී වැඩ කළ යුත් බවත් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එහිදී පෙන්වා දුන්නා.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය මහීපාල හේරත් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: