2023 ජූලි 27, ප.ව. 9:28
මාර්ගගත තාක්ෂණය ඔස්සේ මහජනතාවට විධිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වා දුන් වැඩපිළිවෙළ යටතේ මේ වන විට පළාත් පාලන ආයතන 69ක් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සිය සේවාවන් ක්‍රියාත්මක කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
ඊට අමතරව තවත් පළාත් පාලන ආයතන 167ක් සඳහා අවශ්‍ය මූලික පුහුණුව ලබාදී මෘදුකාංග ස්ථාපන කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට අයත්, මාර්ග සිතියම්ගත කිරීම 2025 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් ජානක වක්කුඹුර මහතා පැවසුවා.
මෙම වැඩපිළිවළ වසර 36කට පසුව ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, අදාළ මාර්ග අයත් රාජ්‍ය ආයතන පැහැදිළිව හඳුනා ගැනීමේ අවස්ථාව එමඟින් හිමි වන බව ද සඳහන් කළා.
දේශපාලන වාර්තාකරු
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39
23-11-24
23-11-24
18-11-24
18-11-24
31-01-24
31-01-24
28-12-23
28-12-23
16-12-23
16-12-23
08-12-23
08-12-23
28-11-23
28-11-23
20-11-23
20-11-23
07-11-23
07-11-23
07-11-23
07-11-23
07-11-23
07-11-23
30-10-23
30-10-23