hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 31, පෙ.ව. 11:31



තමා වයස අවුරුදු 65 පෙර දේශපාලනයෙන් සමුගෙන රටට නව ආදර්ශයක් ලබාදීමට සුදානම් බව රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පවසනවා.

රාජ්‍ය සේවයේ විශ්‍රාම යායුතු සීමාව දේශාපාලනයට ද වලංගු විය යුතු බව ඔහු සඳහන් කළා.

නුගේගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

“කවදාහරි මගේ ඇස්පෙනීම අඩුවෙයි, කවදාහරි මගෙත් කං ඇහීම අඩුවෙයි. හැබැයි ඒක තමයි යතාර්ථය. ඇයි රාජ්‍ය සේවය අවුරුදු 60න් විශ්‍රාම යන්නේ?. විනිසුරුවරයෙකුටත් සේවය කරන්න පුළුවන් අවුරුදු 65යි. ආණ්ඩුකාරවයෙකුගේ වයස අවුරුදු 80ක් වුණාම පසුගිය ඉතිහාසයේ, ඔහුට හොඳ සිහිකල්පනාවක් තියෙනවාද වැඩකරන්න. මගේ දේශපාලන ජීවිතයේ අපි ආදර්ශයක් දෙනවා. දේශපාලනයෙන් අවුරුදු 65ට කලින් අපි විශ්‍රාම යන්න සූදානම්. මෙතන ඉන්න සියලුදෙනාම එහෙමයි. ඒ ආදර්ශය අපි දෙන්න සූදානම්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: