hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:02



ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා රටේ ජනතාව තමාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා.

මහනුවරදී ඊයේ (15) මල්වතු අස්ගිරි නා හිමිවරුන් බැහැ දකිමින් අනතුරුව ඒ මහතා ඉහත අදහස් පළ කළා.

හිටපු අමාත්‍යවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි මෙන්ම එම අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

නාහිමිවරු දෙපළ මෙහිදී කියා සිටියේ අද සෑම තැනකම වංචාව දූෂණය රජයන බවය. 

ඉන් අනතුරුව අස්ගිරි මහා නායක අතිපූජ්‍ය  වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත් ඒ මහතා ඉන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. 

අද වන විට මේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම  අඩු වැඩි වශයෙන් වංචා දූෂණ සිදුවන බවත් එම වංචා දූෂණ  පෙන්වා දෙන ඊට එරෙහිව සටන් කරන සියලු දෙනාගේ බෙල්ල කැපී යන බවත් ඒ මහතා සඳහන් කළා. 

නමුත් තමාගේ සටන ජනතාව වෙනුවෙන් දිගටම රැගෙන යන බවත් ක්‍රිකට් දූෂිතයන්ගෙන් රට බේරා ගැනීම ඉදිරි ජනපතිවරණයේදී හෝ සිදුකරන බවත් මේ රටේ වංචා දූෂණ අහෝසි කිරීම තමාට සිදු කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: