hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 07, පෙ.ව. 6:58



ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරිමේ ගැසට් නිවේදනය වහාම ඉවත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අවධාරණය කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලපෑම් පවා එල්ල විය හැකි බවයි.

එහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කර ඇත්තේ “ජනාධිපති තුමනි ,කිසිසේත් මටනම් එක කරන්න බැහැ..ඔබතුමාට ඕනේනම් මාව ඉවත් කරන්න” කියාය.

අනතුරුව මේ ගැන ඉදිරියට සොයා බලා කටයුතු කිරීම සදහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: