hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 මාර්තු 28, ප.ව. 3:28



අම්බලන්තොට ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී අද (28) පැවැති උත්සවයකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහාතට පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් ඒ මහතා එම ස්ථානයෙන් පිටව ගිය බව වාර්තා වෙනවා.

එහිදී ගොවීන් යැයි කියන පිරිසක් අමාත්‍යවරයාට විරෝධය දැක්වූ බවත් ‘පොහොර තහනම’ සහ ‘චීන පොහොර නැව’ ආදි සිද්ධීන් පිළිබඳව එහිදී එම පිරිස අමාත්‍යවරයාට දොස්නැගූ බව ද වාර්තා වෙනවා.

එහිදී පිරිස අමාත්‍යවරයාට ‘හූ’ හඬ නඟමින් විරෝධය දැක්වූ බව ද දැනගන්නට තිබෙනවා.