hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 9:29



බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් පරාජය කර ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

පාකිස්ථාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 136ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124ක් පමණි.

ඉන්දීය කණ්ඩායම මේ වනවිට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින අතර, ඒ අනුව ඉන්දියාව හා පාකිස්ථානය ලබන ඉරිදා (28වනදා) අවසන් මහා තරගයේ දී තරග වදිනවා.

ආසියානු කුසලාන ඉතිහාසයේ මීට පෙර කිසිදු අවස්ථාවක ඉන්දියාව හා පාකිස්තානය අවසන් මහා තරගයක් ක්‍රීඩාකර නොමැතිවීමත් කැපී පෙනෙයි.

ඉන්දියාව ආසියානු කුසලාන 8කට හිමිකම් කියන අතර, පාකිස්ථානය දෙවරක් ආසියානු ශූරයන්ය.