hit counter

2026 ජූලි මස 09 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 23, ප.ව. 6:23



කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර T 20 ක්‍රිකට් තරගය කඩුලු 8ක ජයක් ලබා ගන්නට ඉසිපතන කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් තර්ස්ටන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 116ක් ලබා ගත්තේය.

ඉසිපතන කණ්ඩායම පන්දුවාර 16.3කදී කඩුලු 2ක් දැවී ලකුණු 117ක් ලබා මෙම තරගය ජය ගන්නට සමත් විය.

සහෝදරයින්ගේ සටනට සමගාමීව 19 වන වරට මෙම තරගය පැවැත්වුණා.