2025 ජූනි 02, ප.ව. 10:37
2025 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේදී හා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළාය.
තරගාවලිය සැප්තැම්බර් මස 30 වනදා සිට නොවැම්බර් මස 2වනදා දක්වා පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
පාකිස්ථාන ක්‍රීඩිකාවන් ඉන්දියාවේදී තරග නොකිරීම හේතුවෙන් එම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව අවසන් මහා තරගය පාකිස්ථානය සුදුසුකම් ලැබුවහොත් කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෝ බැංගලෝරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එසේම අවසන් පූර්ව වටයේ තරග ද ශ්‍රී ලංකාවේදී හෝ ඉන්දියාවේදී පැවැත්වීමට ද නියමිතය.
ඒ පාකිස්ථාන කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබන අනුවය.
මෙවර කාන්තා එක්දින ලෝක කුසලානය රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙයි.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47